
පොහොට්ටු මන්ත්‍රීගේ ඉඩම එස්.ටී.එෆ්. පීරයි (VIDEO)
මිද්දෙනිය ,තලාව ප්‍රදේශයේදී කන්ටේනර් දෙකක බහා රැගෙනවිත් වලදමා සඟවා තිබූ රසායන ද්‍රව්‍ය ඊයේ(06) බැකෝ යන්ත්‍ර යොදා ගොඩගැනීම සිදු කළා.
රජයේ රස පරික්ෂක නිලධාරින් විසින් එම රසායන ද්‍රව්‍ය පරික්ෂාවට ලක්කළේ ඉන්නතුරුවයි.
අනතුරුව එම රසායන ද්‍රව්‍ය පොලීතීන් උරවලට ඇසුරුම් කර මිද්දෙනිය පොලීසිය වෙත රැගෙනයාමට නියමිතව තිබුණා.
මේ අතර අද (07) පෙරවරුවේ කොළඹ සිට පැමිණි විශේෂ කාර්ය බළකායේ බෝම්බ හා ආයුධ පරික්ෂා කරන කණ්ඩායමක් scan යන්ත්‍ර යොදා ගනිමින් රසායන ද්‍රව්‍ය තිබූ ඉඩම පරික්ෂාවට ලක් කළා.
තංගල්ල ස්ථානීය අපරාධ පරික්ෂණ කොට්ඨාසයේ නිලධාරිත් ද පැමිණ පරික්ෂණ සිදු කළා.