
පොහොර සහනාධාර ලෙස රුපියල් මිලියන 4,822 ගෙවා අවසන්
මහ කන්නය වෙනුවෙන් පොහොර සහනාධාර ලෙස ගොවීන් 470,000 කට රුපියල් මිලියන 4,822 ක මුදලක් ලබාදී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය තහවුරු කරනවා.
තැනින් තැන ගොවීන්ගෙන් පොහොර සහනාධාර නොලැබුණු බවට චෝදනා එල්ලවෙමින් තිබියදීයි, මෙලෙස රුපියල් මිලියන 4,822 ක මුදලක් ලබාදී ඇති බව අමාත්‍යංශයේ ලේකම් ඩී.පී.වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ.
එමෙන්ම ඉදිරියේදී සියලුම ගොවීන් සදහා අවශ්‍ය පොහොර සහනාධාරය ලබාදීමට අවශ්‍ය මුදල් මේ වන විටත් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් වෙන්කර ඇති බවත් අමාත්‍යංශයේ ලේකම් ඩී.පී.වික්‍රමසිංහ මහතා පවසනවා.
