
පෝය දවසෙත් මත්පැන් අලෙවි කළ රාත්‍රී සමාජ ශාලාවක් වටලයි – චීන ජාතිකයකුත් අත්අඩංගුවට
බම්බලපිටිය ගාලු පාරේ පවත්වාගෙන යන රාත්‍රී සමාජ ශාලාවක බලපත්‍ර නොමැතිව මත්ද්‍රව්‍ය අලෙවිකරණ බවට ලද තොරතුරක් මත බම්බලපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ රාත්‍රියේ මෙම වැටලීමක් සිදුකළා.
එම සමාජ ශාලාවේ පොහෝ දින පවා මත්පැන් අලෙවි කරන බවටයි තොරතුරු ලැබී තිබෙන්නේ.
මෙම රාත්‍රී සමාජ ශාලාවට මත්පැන් බලපත්‍රද නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙහිදී මත්පැන් සහ නීති විරෝධී සිගරට් තොගයක්ද පොලීසිය භාරයට ගෙන තිබෙනවා.
මෙම රාත්‍රී සමාජ ශාලාව පවත්වාගෙන ගිය චීන ජාතකයකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ඇති අතර අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි..
