පෝලන්තයේ ගුවන් යානයක් කඩා වැටී 5ක් මරුට

පෝලන්තයේ ගුවන් යානයක් කඩා වැටී 5ක් මරුට

පෝලන්තයේ Warsaw ප්‍රදේශයේ ගුවන් තොටුපළකදී කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් පස් දෙනෙකු මිය ගිය බව එරට නිලධාරීහු පවසා තිබෙනවා

එමෙන්ම අවම වශයෙන් හත් දෙනෙකු තුවාල ලබා ඇති බවයි එරට සෞඛ්‍ය අමාත්‍ය Adam Niedzielski ට්විටර් සටහනක් තබමින් පවසා ඇත්තේ

Warsaw ප්‍රදේශයේ සිට කිලෝමීටර් 47 ක් දුරින් පිහිටි Chrcynno ගුවන් තොටුපලේ අනතුර සිදුවූ ස්ථානයට හෙලිකොප්ටර් හතරක් සහ ගිලන්රථ 10 ක් යවා ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍ය Adam Niedzielski වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා

පෝලන්ත මාධ්‍ය සඳහන් කර ඇත්තේ අනතුරට පත් යානය සෙස්නා 208 යානයක් බවයි.

අයහපත් කාලගුණය මෙම අනතුරට හේතුවක් විය හැකි බව සඳහන් කර ඇතත් බලධාරීන් එය තහවුරු කර නොමැති බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This