පෞද්ගලික ගුවන් යානයක් බෝල්ටික් මුහුදට කඩා වැටෙයි – ගලවා ගැනීමේ කණ්ඩායම් ගුවන් යානය වැටුණු ස්ථානයට ළඟා වෙයි

පෞද්ගලික ගුවන් යානයක් බෝල්ටික් මුහුදට කඩා වැටෙයි – ගලවා ගැනීමේ කණ්ඩායම් ගුවන් යානය වැටුණු ස්ථානයට ළඟා වෙයි

පෞද්ගලික Cessna ගුවන් යානයක් ලැට්වියාවේ වෙරළට ඔබ්බෙන් වූ බෝල්ටික් මුහුදට කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

FlightRadar24 වෙබ් අඩවියට සඳහන් කරන්නේ , ඔස්ට්‍රියාවේ ලියාපදිංචි Cessna 551 ගුවන් යානය දකුණු ස්පාඤ්ඤයේ ජෙරෙස් සිට පියාසර කරමින් සිටි අතර, එය නියමිත ගමනාන්තයක් නොමැතිව පිටත්ව ඇති බවයි

ගුවන් යානය ස්පාඤ්ඤයේ සිට කොලෝන් දක්වා පියාසර කරමින් තිබූ නමුත් පියාසර කිරීමේදී ගුවන් යානය එහි පියාසර මාර්ගය වෙනස් කර ඇති බව ලැට්වියානු සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ

නිලධාරීන් පවසා තිබෙන්නේ යානයේ පුද්ගලයින් හතර දෙනෙකු සිටි බවට විශ්වාස කෙරෙන බවයි

ලැට්වියාව, ස්වීඩනය සහ ලිතුවේනියාව යන රටවලින් ගලවා ගැනීමේ කණ්ඩායම් ගුවන් යානය ලැට්වියානු නගරයක් වන වෙන්ට්ස්පිල්ස් අසල මුහුදට වැටී ඇති බවට වාර්තා වීමත් සමගම කඩා වැටුණු ප්‍රදේශයට පැමිණ ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඉන්ධන අවසන් වූ පසු ගුවන් යානය කඩා වැටුණු බව ස්වීඩනයේ සෝදිසි සහ ගලවා ගැනීමේ මෙහෙයුම් නායක ලාර්ස් ඇන්ටන්සන් පසුව AFP වෙත ප්‍රකාශ කර තිබෙනවා

Share This