බංගලාදේශයේ පිපිරීමකින් 6 දෙනෙකු මරුට

බංගලාදේශයේ පිපිරීමකින් 6 දෙනෙකු මරුට

බංග්ලාදේශයේ ඔක්සිජන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සිදු වූ පිපිරීමත් සමග ඇති වූ ගින්නෙන් හයදෙනෙකු මියගොස් තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ තවත් 30 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.

ගිනිකොණ දිග වරාය නගරයක් වන චිතගොං හි සිට කිලෝමීටර 40 ක් දුරින් පිහිටි සිටකුණ්ඩා ප්‍රදේශයේ මෙම පිපිරීම සිදුව ඇති බව සඳහන්.

අදාළ පිපිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා බලධාරීන් හත් දෙනෙකුගෙන් යුත් පරීක්ෂණ මණ්ඩලයක් පිහිටුවා ඇති අතර එහි වාර්තාව දින හතක් ඇතුළත ලබා දෙන ලෙසට උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

Share This