
බංග්ලාදේශයේ ඩකා පුහුණු ගුවන් යානයක් කඩා වැටී 19 කට වැඩි පිරිසක් මරුට (VIDEO)
බංග්ලාදේශ ගුවන් හමුදා පුහුණු ගුවන් යානයක් අද (21) දහවල් ඩකා අගනුවර පිහිටි විද්‍යාලයකට සහ පාසල් පරිශ්‍රයකට කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගිය බව වාර්තා වනවා.
ජාතික පිළිස්සුම් හා ප්ලාස්ටික් සැත්කම් ආයතනයේ වෛද්‍යවරයෙක් වාර්තාකරුවන්ට පවසා ඇත්තේ ළමුන් සහ වැඩිහිටියන් ඇතුළු 50 කට වැඩි පිරිසක් පිළිස්සුම් තුවාල සහිතව රෝහල් ගත කර ඇති බවයි.