බංග්ලාදේශයේ බිහිසුණු දුම්රිය අනතුරක්

බංග්ලාදේශයේ බිහිසුණු දුම්රිය අනතුරක්

බංග්ලාදේශයේ දී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූවන්ගෙන් වැඩි පිරිසක් බරපතළ තත්ත්වයේ පසුවන අතර අනතුරින් මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි එරට නිලධාරීන් පවසන්නේ.

භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් සහ මගී ප්‍රවාහන දුම්රියක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

අනතුරත් සමග තවත් පිරිසක් දුම්රිය තුළ සිරවී සිටින අතර ඔවුන් මුදාගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This