
බංග්ලාදේශයේ විරෝධතාකරුවන් මර්දනය කිරීම මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක්
බංග්ලාදේශ විරෝධතාකරුවන් මර්දනය කිරීම මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් විය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.
බොහෝ දුරට ආරක්ෂක හමුදා විසින් එරට පුද්ගලයන් 1,400 ක් පමණ ඝාතනය කර ඇති බව පෙන්වාදෙන එම සංවිධානය, ආණ්ඩු විරෝධී විරෝධතාකරුවන්ට පහරදීම සහ ප්රචණ්ඩ ලෙස මර්දනය කිරීමේ නිල ප්‍රතිපත්තියක් දේශපාලන නායකයින් සහ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් විසින් මෙහෙයවන ලද බවයි සඳහන් කරන්නේ.
රැකියා කෝටාවන්ට එරෙහිව ශිෂ්‍යයන් විසින් මෙහෙයවන ලද විරෝධතා පොලිසිය දියත් කරන ලද මර්දන ක්‍රියාවලිය හමුවේ මහජන විරෝධතා දක්වා වර්ධනය වූ අතර සිවිල් සේවා රැකියා සඳහා කෝටාවට එරෙහිව සිසුන් විසින් මෙහෙයවන ලද විරෝධතා පසුව කලහකාරී තත්ත්වයන් බවට පත් වෙමින් බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරියට පවා ධුරයෙන් ඉවත් වීමට හේතු වූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වාදෙනවා,
ජූලි 1 සිට අගෝස්තු 15 දක්වා කාලය තුළ මියගිය පුද්ගලයින් 1,400 න් 13% ක් දක්වා ළමුන් වන බවයි එම සංවිධානය පවසන්නේ.