බංග්ලාදේශ මැතිවරණයෙන් අගමැති Sheikh Hasina සිව්වැනිවරටත් ජය ලබයි

බංග්ලාදේශ මැතිවරණයෙන් අගමැති Sheikh Hasina සිව්වැනිවරටත් ජය ලබයි

ආන්දෝලනාත්මක මැතිවරණයකින් බංග්ලාදේශ අගමැතිනි Sheikh Hasina අඛණ්ඩව සිව්වැනිවරටත් තේරී පත්වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා .

පාර්ලිමේන්තු ආසන 300 න් 223 ක් ජයග්‍රහණය කිරීමෙන් පසු Sheikh Hasina තවත් වසර පහක කාලයක් ධූරයේ කටයුතු කරනු ඇති .

ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ ජාතික පක්ෂය ඡන්දය වර්ජනය කිරීමත් සමග Hasinaගේ පක්ෂය සහ මිත්‍ර පාක්ෂිකයින් ඉතිරි ආසන ද දිනා ගනු ඇති බවටයි විශ්වාසය පළ කර තිබුණේ

බංග්ලාදේශ ජාතික පක්ෂය චෝදනා කළේ මෙම ඡන්ද විමසීම ව්‍යාජ එකක් බවයි.

1996 දී ප්‍රථම වරට Sheikh Hasina අගමැති ධුරයට පත් වුණා

පසුව 2009 දී නැවත තේරී පත් වූ Sheikh Hasina එතැන් සිට බලයේ රැඳී සිටින සමස්ථ පස්වන වාරය මෙය බවයි පැවසෙන්නේ

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය දිගටම පැවතීම සහතික කිරීමට මම මගේ උපරිමය කරනවා,යනුවෙන් ඇය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු මාධ්‍යවේදීන් අමතමින් සඳහන් කළා

Awami League ප්‍රධාන ලේකම් Obaidul Quader වාර්තාකරුවන්ට පවසා ඇත්තේ ජයග්‍රාහී පෙළපාළි හෝ සැමරුම්වල නොයෙදෙන ලෙස Sheikh Hasina පක්ෂ නායකයින්ට සහ ආධාරකරුවන්ට උපදෙස් දී ඇති බවයි.

Share This