බකිංහැම් මාලිගයෙන් පිටතදී පුද්ගලයෙකු අත්අඩංගුවට

බකිංහැම් මාලිගයෙන් පිටතදී පුද්ගලයෙකු අත්අඩංගුවට

බකිංහැම් මාලිගයෙන් පිටතදී සැකසහිත ෂොට්ගන් කාට්‍රිජයක් මාලිගා පිටියට විසි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රහාරාත්මක අවියක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සිද්ධිය නොතකා, සෙනසුරාදා රාජාභිෂේකය සඳහා පෙරහුරු සැලසුම් කළ පරිදි සිදු කළ බව සඳහන් වනවා.

එම පුද්ගලයා පරීක්ෂා කිරීමේදී පිහියක් සොයාගෙන ඇති අතර ඔහු ළඟ තුවක්කුවක් නොතිබූ බව පොලිසිය පවසනවා.

ඔහු සන්තකයේ සැකකටයුතු බෑගයක් ද තිබී සොයාගත් බවත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ තක්සේරුවකට අනුව එහි තිබී පිපිරීමක් පාලනය කල හැකි පූර්වාරක්ෂකයක් හමුවී තිබෙනවා.

ලොව පුරා සිටින ලෝක නායකයින් සහ අනෙකුත් රාජකීයයන් සහභාගී වන රජුගේ රාජාභිෂේක සැමරුම් උත්සවයට දින හතරකට පෙර මෙම අත්අඩංගුවට ගැනීම සිදුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ප්‍රධාන අධිකාරී ජෝශප් මැක්ඩොනල්ඩ් පැවසුවේ, “පුද්ගලයා රඳවා ගැනීමට නිලධාරීන් වහාම ක්‍රියාත්මක වූ අතර ඔහු මේ වනවිට පොලිස් භාරයට ගෙන ඇති බවයි.

නිලධාරීන් එම ස්ථානයේ රැඳී සිටින අතර තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This