බටලන්ද කොමිෂන් සභාවේ වාර්තාව පිළිබඳ විවාදය අද

බටලන්ද කොමිෂන් සභාවේ වාර්තාව පිළිබඳ විවාදය අද

බටලන්ද කොමිෂන් සභාවේ වාර්තාව පිළිබඳ විවාදය අද (10) පැවැත්වෙනවා

ඒ අනුව පාර්ලිමේන්තුව පෙ.ව 9.30ට රැස්වන අතර පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා

පෙ.ව 10.00 – පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව 11.00 – 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර ඇති බව සඳහන්

අනතුරුව පෙ.ව 11.30 සිට ‍ප.ව 5.30 දක්වා මාර්තු 14 වැනිදා පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද “බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රදවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටුවීම සහ පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” පිළිබඳ විවාදය පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ

එමෙන්ම දෙදින විවාදයක් ලෙස මේ සඳහා මැයි මාසයේ තවත් දිනයක් යොදා ගැනීමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය කෙරුණා

Share This