
බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ විවාදයට දින නියම වෙයි
බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අප්‍රේල් 10 වනදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
බටලන්ද නිවාස සංකීර්ණයේ නීතිවිරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන, වධකාගාර පිහිටුවීම සහ පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිසන් සභාවේ වාර්තාව සභානායක බිමල් රත්නායක අමාත්‍යවරයා විසින් පසුගිය 14 වැනිදා පාර්ලිමේන්තුවේ සභාගත කළ අතර ඒ සඳහා දෙදින විවාදයක් පවත්වන බව ප්‍රකාශ කළා.
ඒ අනුව එම විවාදයේ පළමු දිනය අප්‍රේල් මස 10 වැනිදා පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.