
බටහිර සුඩානයේ නාය යාමකින් 1000 ක් මරුට (VIDEO)
බටහිර සුඩානයේ මාරා කඳුකර ප්‍රදේශයේ ගම්මානයක් විනාශ කළ නායයෑමකින් අවම වශයෙන් 1,000 ක් මිය ගොස් ඇතැයි වාර්තා වනවා.
සුඩාන් විමුක්ති ව්‍යාපාරය පවසන්නේ දිවි ගලවා ගත් එක් අයෙකු පමණක් ඉතිරිව සිටින බවයි.
දින ගණනක් පැවති අධික වර්ෂාපතනයෙන් පසු අගෝස්තු 31 වන දින නායයෑම සිදු වූ බව අබ්දෙල්වාහිඩ් මොහොමඩ් නූර්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.
ඩාර්ෆූර් කලාපයේ පිහිටා ඇති ප්‍රදේශය පාලනය කරන මෙම ව්‍යාපාරය, පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු වින්දිතයින්ගේ මළ සිරුරු නැවත ලබා ගැනීමට උදව් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ ජාත්‍යන්තර ආධාර ආයතනවලට ආයාචනා කර ඇත්තේ මෙවැනි පසුබිමකයි.