බඩ ඉරිඟු සහ සෝයා බෝංචි ආනයනයට කැබිනට් අනුමැතිය

බඩ ඉරිඟු සහ සෝයා බෝංචි ආනයනයට කැබිනට් අනුමැතිය

ත්‍රිපෝෂ නිෂ්පාදනය සදහා බඩ ඉරිඟු සහ සෝයා බෝංචි මෙට්‍රික් ටොන් 9,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා

ඒ අනුව, බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 6,000ක්ල සෝයා බෝංචි මෙට්‍රික් ටොන් 3,000ක් බැගින් සපයා ගැනීමේ කොන්ත්‍රාත්තුව පෞද්ගලික සමාගම් 2කට ප්‍රදානය කිරීමටයි අනුමැතිය හිමිව ඇත්තේ.

එමෙන්ම බඩ ඉරිඟු සහ සෝයා බෝංචි හිඟය හේතුවෙන් ත්‍රිපෝෂ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා වාර්ෂිකය සැපයුම් අවශ්‍යතාවය දේශීයව සපුරා ගත නොහැකි බැවින් ආනයනයට පියවර ගෙන ඇති බව සඳහන්

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කර තිබූ යෝජනාවකටයි මෙලස කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දීමට පියවර ගෙන තිබෙන්නේ

Share This