බද්දේගම උප සභාපති  ප්‍රහාරයකින් රෝහලේ

බද්දේගම උප සභාපති ප්‍රහාරයකින් රෝහලේ

බද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති සමන් සී. ලියනගේ මහතාට පුද්ගලයකු පහර දීමෙන් ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වනවා.

මෙම පහරදීම සිදුකර ඇත්තේ ඊයේ (24) සවස බද්දේගම ප්‍රාදේශීය සභාවට, පහළ කීඹිය කොට්ඨාසයෙන් තරඟ කළ සමගි ජන බලවේගයේ අපේක්ෂකයකු බවටයි ඔහු චෝදනා එල්ල කරන්නේ.

කරාපිටියේ මල් ශාලාවක පැවැති අවමංගල්‍ය උත්සවයක දී සැකකරු විසින් උප සභාපතිවරයාට දෙවරක් පහර දුන් බවත්, ඉන්පසු යතුරු පැදියෙන් සිය බිරිඳ සමඟ නිවස බලා යමින් සිටි දී පසුපස හඹාවිත්, ගොඩකන්ද ප්‍රදේශයේ දී මඟ හරස්කර නැවත පහර දුන් බවටත් සමන් සී. ලියනගේ මහතා පවසනවා.

මේ පිළිබඳ උප සභාපති සමන් සී. ලියනගේ මහතා පෝද්දල පොලිසියට පැමිණිළි කර ඇති අතර අදාල පහරදීම සිදුකළ පුද්ගලයා තමන්ට මරණ තර්ජන කළ බව පවසා තිබෙනවා.

එම ප්‍රහරදීමෙන් පසු ගාල්ල ජාතික රෝහලට ඇතුලත් වී ඇති උප සභාපතිවරයා මේ වනවිට රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වුණා.

Share This