බද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාපතිට ප්‍රහාරයක් එල්ලවී රෝහලේ

බද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාපතිට ප්‍රහාරයක් එල්ලවී රෝහලේ

බද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති සමන් සී. ලියනගේ මැර ප්‍රහාරයකට ලක්ව ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම පහරදීම සිදුකර ඇත්තේ ඊයේ (24) සවස බද්දේගම ප්‍රාදේශීය සභාවට, පහළ කීඹිය කොට්ඨාසයෙන් තරඟ කළ සමගි ජන බලවේගයේ අපේක්ෂකයා බවටයි චෝදනා එල්ල වන්නේ.

කරාපිටියේ මල් ශාලාවක පැවැති අවමංගල්‍ය උත්සවයක දී සැකකරු විසින් උප සභාපතිවරයාට දෙවරක් පහර දී ඇති අතර ඉන්පසු යතුරු පැදියෙන් සිය බිරිඳ සමඟ නිවස බලා යමින් සිටි දී පසුපස හඹාවිත්, ගොඩකන්ද ප්‍රදේශයේ දී මඟ හරස්කර නැවත පහර දුන් බවට ස්මන් සී. ලියනගේ මහතා පවසනවා.

මේ පිළිබඳ උප සභාපති සමන් සී. ලියනගේ පෝද්දල පොලිසියට පැමිණිල්ලේ දැක්වෙන්නේ අදාල පහරදීම සිදුකළ පුද්ගලයා තමන්ට මරණ තර්ජන කළ බවයි.

එම ප්‍රහරදීමෙන් පසු ගාල්ල ජාතික රෝහලට ඇතුලත් වී ඇති උප සභාපතිවරයා මේ වනවිට රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වනවා.

Share This