බදුරලිය මාරක රිය අනතුරක්
බදුරලිය – කෙලින්කන්ද මතුගම මාර්ගයේ මාකෙලි ඇල්ල ප්‍රදේශයේදී කෙලින්කන්ද සිට මතුගම දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් පස් කණ්ඩියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බස් රථයේ රියදුරු ඇතුළුව මගීන් 09 දෙනෙක් තුවාල ලබා බුලත්සිංහල, හොරණ හා නාගොඩ රෝහල් වෙත ඇතුළත් කර ඇති අතර බුලත්සිංහල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී සිසුවෙක් මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරනවා.
මියගිය සිසුවා වයස අවුරුදු 17ක් වන බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අනතුර සම්බන්ධයෙන් බදුරලිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ.