
බදුල්ලෙ මන්ත්‍රීවරයෙක් ගංජා සමඟ අත්අඩංගුවට
බදුල්ල, පල්ලේවත්ත ප්‍රදේශයේ දී, කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ගංජා මත්ද්‍රව්‍ය සමග පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු බවයි වාර්තා වන්නේ.
ගංජා අලෙවියේ නිරත බවට පොලීසියට ලද තොරතුරක් මත පොලීසිය විසින් උපාය දූතයෙකු යොදවා සිදුකරන ලද හදිසි වැටලීමේදී අලෙවිය සඳහා සකස් කර තිබූ ගංජා තොගයක්ද සමග සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
