බදුල්ල මහ නගර සභාවේ 2026 අයවැය සම්මතයි – විපක්ෂයේ මන්ත්‍රීවරු විරෝධය පා නැගිට යයි

බදුල්ල මහ නගර සභාවේ 2026 අයවැය සම්මතයි – විපක්ෂයේ මන්ත්‍රීවරු විරෝධය පා නැගිට යයි

ජාතික ජනබල වේගයට බලය හිමි බදුල්ල මහ නගර සබාවේ 2026 සඳහා අය වැය ලේඛනය බදුල්ල නගරාධිපති නන්දන හපුගොඩ මහතා ඊයේ (09) සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේ සමගි ජනබල වේගයේ මන්ත්‍රී තුෂාර වරුණසේකර මහතා මෙම අය වැය හිග අයවැයක් බව පවසා , ආපදා තත්ත්වය ඇතුලත් කර නව අයවැයක් ඉදිරිපත් කළ යුතු බව පවසමින් විරෝධය දක්වා විපක්ෂ යේ පිරිසක් සමග සභාවෙන් නැගිට ගියා.

ඔහු සමග සභාවෙන් විපක්ෂ මන්ත්‍රීවරුන් 10 දෙනකු පිටව ගිය අතර සභාවේ රැඳී සිටි ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 14 දෙනකු පක්ෂව ඡන්දය දෙමින් අය වැය සම්මත කර ගත්තා.

බදුල්ල මහ නගර සභාවේ සභිකයින් 27 දෙනකු අතරින් ඊයේ සහභාගී වී සිටියේ 24 දෙනකු පමණයි.

Share This