බදු ගෙවන අයට විශේෂ දැනුම්දීමක්
2024 වර්ෂයේ නොවැම්බර් මාසයට අදාළ එකතු කළ අගය මත බද්ද සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද දෙසැම්බර් මස 20 වන දින හෝ ඊට පෙර ගෙවීමට කටයුතු කරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.
2023/2024 තක්සේරු වර්ශයේ ආදායම් බදු වාර්තා මත ගෙවිය යුතු බද්ද තවදුරටත් ගෙවීමට අතපසු වී ඇත්නම් එය දෙසැම්බර් මස 26 වන දිනට පෙර ගෙවීමට කටයුතු කරන ලෙස බදු ගෙවන්නන් වෙත එම දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ.
ඕනෑම බදු වර්ගයකට අදාළව ගෙවිය යුතු ස්ව-තක්සේරු මත බදු, හිග බදු හෝ එකග වූ අතිරේක තක්සේරු මත බදු මුදල් දෙසැම්බර් මස 26 වන දිනට පෙර ගෙවීමට ඔබ අපොහොසත් වන්නේ නම් ඒ සඳහා කිසිඳු දඩ සහනයක් ලබා ගත නොහැකි වන බව සඳහන්.
දැනටමත් නොගෙවූ ස්ව-තක්සේරු බදු හා හිඟ බදු අය කර ගැනීම සදහා ක්ෂේත්ර සමීක්ෂණ කටයුතු හා දේශීය ආදායම් අණ පනත් අනුව නීති කටයුතු කිරීම ආරම්භ කර ඇති බව ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.