අන්තරේ කැඳවුම්කරු ඇතුළු පස් දෙනෙකුට ඇප
බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුලු පස් දෙනෙකු ඇප මත මුදා හරින ලෙස අධිකරණය විසින් අද (11) නියෝග කර තිබෙනවා
එක් අයෙකුට රුපියල් ලක්ෂ පහ බැගින් ශරීර ඇප දෙකක් එහිදී නියම වුණා
කොතලාවල ආරක්ෂක විද්‍යාල පනතට එරෙහිව පොල්දූව පාලම අසලදී සිදුකල විරෝධතාවයක දී පොදු දේපලට හානිකල බවට පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම පිරිස දින 102 ක් බන්ධනාගාරගත කර සිටියා