බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට හෙට අමුත්තන් බලන්න අවස්ථාව

බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට හෙට අමුත්තන් බලන්න අවස්ථාව

මෙවර තෛපොංගල් උත්සවය නිමිත්තෙන් බන්ධනාගාරගතව සිටින හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් බැලීම සඳහා හෙට (14) දිනයේ විශේෂ අවස්ථාවක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා

ඒ අනුව හින්දු ආගමික රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා රසකැවිලි එක් රැඳවියෙකුට පමණක් ප්‍රමාණවත්වන පරිදි ලබාදීමට අවස්ථාව සලසා දී ඇති බව සඳහන්

සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව හා බන්ධනාගාර නිතීරීතී අනුව අමුත්තන් පෙනන්වීමේ කටයුතු දිවයිනේ සියලුම බන්ධනාගාරයන් තුළ සිදුකරන බව ද බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවසුවා

Share This