බන්ධනාගාර කොමසාරිස් ජනරාල් 25 තෙක් රිමාන්ඩ්
තුෂාර උපුල්දෙණිය ජුනි 25 දක්වා යළි රක්ෂිතයට

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් 25 තෙක් රිමාන්ඩ්

වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ජුනි 25 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කළා.

ඒ, ඔහු අද යළිත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

වෙසක් දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ රැඳවියෙකු නීතිවිරෝධී ලෙස නිදහස් කළ සිද්ධියට අදාලව සිදුකෙරෙන විමර්ශන අතර ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන අධිකරණයට හමුවට ඉදිරිපත් කළා.
ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ ජුනි 9 වැනිදායි.

මේ සම්බන්ධයෙන් අද කැබිනට් මාධ්‍ය හමුවේ දී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ සිරකරුවන් නිදහස් කිරීමේදී මෙවැනි අයථා ක්‍රියාවන් සිදුවන බවට අනාවරණය වූයේ පළමු වරට බවයි.

2024 නත්තලට ලබාදුන් පොදු සමාවේදී 332 නකුට නිදහස ලබාදුන් නමුත් 389 දෙනකු නිදහස් කර ඇති බවත් ,ඒ පිළිබද පරීක්ෂණයක් සිදුවන බවත් අමාත්‍යවරයා පැවසුවා.

 

Share This