
බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට
ජනාධිපති සමාව අවභාවිත කරමින් අනුරාධපුර බන්ධනාගරයේ රැඳවියෙකු නිදහස් කිරිම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය අද යළිත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා.
එමෙන්ම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා ද අද යළිත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබෙනවා.
මූල්‍ය වංචා නඩුවකට අදාළව සිර ගත කර සිටි පුද්ගලයෙකු පසුගිය වෙසක් පොහොය නිමිත්තෙන් ලබාදෙන ජනපති සමාව යටතේ නිදහස් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය පසුගිය 09 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වුණා.
අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර තුෂාර උපුල්දෙණිය වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුලත් කර ඇති බවට කතාබහක් මතු වුණත් අප කළ විමසීමකදී බන්ධනාගාර රෝහල සඳහන් කළේ වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේ විශේෂ ආරක්ෂාවක් යටතේ වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගර කොමසාරිස්වරයා රඳවා සිටි බවයි.
එමෙන්ම ඔහුව කිසිදු වෛද්‍යවරයෙකුගේ පරීක්ෂාවට ලක් නොවුණ බව ද වැලිකඩ බන්ධනාගාර රෝහල සඳහන් කළා.
සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා අද යළිත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබෙනවා.