බඹර ප්‍රහාරයකින් උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් පස්දෙනකු රෝහලට

බඹර ප්‍රහාරයකින් උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් පස්දෙනකු රෝහලට

බඹර ප්‍රහාරයකින් උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් පස්දෙනකු රෝහලට.

උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින්ට එල්ල වූ බඹර ප්‍රහාරයකින් පස් දෙනකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මෙම බඹර ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී එම ආයතනය තුළ සේවකයින් දොළොස් දෙනෙකු සිට ඇති අතර ඉන් පස් දෙනෙකුට මෙම බඹර ප්‍රහාරය එල්ල වී තිබුණා.

එක් අයෙකු ගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පැවසුවා.

මෙම ආයතනයේ ඉහළ මාලයේ ඇති ජල ටැංකියක් අලුත් වැඩියා කිරීමට යාමේදී එම කටයුත්තේ නියුතු සේවකයෙකුට ප්‍රථමයෙන් බඹර ප්‍රහාර එල්ල වී ඇති අතර පසුව ආයතනය තුළටද බඹරුන් කඩා වැදී එම සේවකයන්ටද දෂ්ට කර තිබෙනවා.

ජල ටැංකිය අලුත් වැඩියා කරමින් සිටි පුද්ගලයා දැඩි ලෙස බඹර ප්‍රහාරයට ලක් වී ඇති අතර පසුව වෙනත් සේවකයකු විසින් බඹර ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා කඩිනමින් බේරා ගැනීමට කටයුතු කර තිබෙනවා.

Share This