බයිඩන් උතුරු අයර්ලන්තයේ සංචාරයක

බයිඩන් උතුරු අයර්ලන්තයේ සංචාරයක

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් උතුරු අයර්ලන්තයේ සහ අයර්ලන්ත ජනරජයේ සිව්දින සංචාරයක් අප්‍රේල් 11 වන දින සිට ආරම්භ කිරීමට නියමිත බව ධවල මන්දිරය තහවුරු කර තිබෙනවා.

එක්සත් ජනපද ජනාධිපතිවරයා අයර්ලන්ත ජනාධිපති Michael D Higgins හමුවීමට ද අපේක්ෂා කෙරෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

ධවල මන්දිර ප්‍රකාශක ජෝන් කර්බි සඳහන් කරන්නේ සංචාරය අතරතුර ජනාධිපති බයිඩන් අයර්ලන්ත පාර්ලිමේන්තුව ද අමතනු ඇති බවයි

ඒ අනුව ජනාධිපති බයිඩන්, 1963 ජූනි 28 වැනි දින ජනාධිපති ජෝන් එෆ් කෙනඩි, 1984 ජූනි 4 වැනි දින රොනල්ඩ් රේගන් සහ 1995 දෙසැම්බර් 1 වැනි දින ජනාධිපති බිල් ක්ලින්ටන්ගෙන් පසුව අයර්ලන්ත පාර්ලිමේන්තුව අමතන සිව්වැනි එක්සත් ජනපද ජනාධිපතිවරයා බවටද පත් වනු ඇති.

Share This