බයිඩන් සුඩානයට එරෙහිව සම්බාධක පනවයි

බයිඩන් සුඩානයට එරෙහිව සම්බාධක පනවයි

සුඩානයට එරෙහිව සම්බාධක පැනවීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විධායක නියෝගයක් නිකුත් කර තිබෙනවා

ඒ සටන් අවසන් කළ යුතු බව පවසමිනුයි

සුඩානයේ පවතින ප්‍රචණ්ඩත්වය ඛේදවාචකයක් සහ සුඩාන ජනතාව පාවාදීමක් ලෙසට අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

සුඩානයේ ප්‍රචණ්ඩත්වය එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාවට සහ විදේශ ප්‍රතිපත්තියට අසාමාන්‍ය තර්ජනයක් බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා

නවතම සටන් විරාමය ද කඩකරමින් , Khartoum අගනුවර මෙන්ම යාබද නගර වන Omdurman සහ Bahri හි දරුණු සටන් අඛණ්ඩව පවතින බවද විදෙස් මාධ්‍ය පවසනවා .

ලෝක ආහාර වැඩසටහන ඇස්තමේන්තු කර ඇත්තේ පසුගිය මාසයේ සටන් ඇවිළුණු දා සිට සුඩානයට යාමට නියමිතව තිබූ ඩොලර් මිලියන 13කට වඩා වටිනා ආහාර සහ ආධාර කොල්ලකා ඇති බවයි.

Share This