
බර්මින්හැම්හී ජේතවන විහාරස්ථානයේ කඨින පින්කම
මහා බ්‍රිතාන්‍යයේ බර්මින්හැම්හී ජේතවන විහාරස්ථානයේ 2025 වර්ෂයේ කඨින චීවර පූජා මහා පින්කම මෙවරත් ඉතා උත්කර්ෂවත් අයුරින් සිදුවුණා.
බර්මින්හැම්හී ජේතවන විහාරස්ථානයේ විහාරාධිපති මහා බ්‍රිතාන්‍ය ප්‍රධාන සංඝනායක කැපිටි ආගොඩ ගුණවංශ නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා මතයි මෙම මාහැඟි උතුම් පිංකම සංවිධානවී තිබුණේ.
2025 වර්ෂයේ කඨින චීවර පූජා මහා පින්කම වෙනුවෙන් දායක සැදැහැවතුන් මහත් ගෞරවයෙන් යුතුව තම දායකත්වය ලබාදී තිබුණා.