බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ 6ක් අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ 6ක් අත්අඩංගුවට

බගවන්තලාව බ්‍රිඩ්වෙල් තෙත්බිම් කලාපයේ බලපත්‍රයක් නොමැතිව අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් හය දෙනෙකු අද (10) දින අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පවසනවා.

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ ප්‍රධාන තෙත්බිම් කලාපයක් ලෙස බ්‍රිඩ්වෙල් තෙත්බිම් කලාපය හැදින්වෙනවා.

එම තෙත්බිම් කලාපය තුළ අනවසරෙන් පිරිසක් විශාල පරිසර විනාශයක් කරමින් මැණික් ගරමින් සිටින බවට පොලිසිය වෙත ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර සැකකරුවන් සහ මැණික් ගැරීමට උපයෝගී කරගත් උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව ප්‍රදේශයේම පදිංචිකරුවන් බවත්, සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැර ඔවුන්ට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බවත් බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියා.

Share This