බලවත් යුරෝපා රටවල් තුනක් පලස්තීනය රාජ්‍යය ලෙස පිළිගනී

බලවත් යුරෝපා රටවල් තුනක් පලස්තීනය රාජ්‍යය ලෙස පිළිගනී

ස්පාඤ්ඤය, අයර්ලන්තය සහ නෝර්වේ යන යුරෝපා රටවල් ත්‍රිත්වය පලස්තීනය රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගෙන තිබෙනවා.

ඔවුන් පවසන්නේ මැදපෙරදිග යුද්ධයට දේශපාලන විසඳුමක් සෙවීමේ ප්‍රයත්නයන් කෙරෙහි අවධානය යොමු කිරීමේ උත්සාහයක් ලෙස මෙම තීරණය ගත් බවයි.

ගාසා තීරයේ සටන් විරාමයක් ඇති කර ගැනීමට සහ හමාස් විසින් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට උපකාරී වන රාජ්‍ය තාන්ත්‍රික තල්ලුවක් තුළ, ඔවුන් එක්ව ක්‍රියා කිරීමෙන් අනෙකුත් යුරෝපීය රටවල් ද එය අනුගමනය කර දිරිමත් කිරීමට එම රටවල් බලාපොරොත්තු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම තීරණය නිසා ස්පාඤ්ඤය, අයර්ලන්තය සහ නෝර්වේ යන රටවල් තුනම ත්‍රස්තවාදයට සහය පළ කරන රටවල් ලෙසයි ඊශ්‍රායලය චෝදනා කරන්නේ.

ඊශ්‍රායලය විසින් අයර්ලන්තය, නෝර්වේ සහ ස්පාඤ්ඤයේ සිට සිය තානාපතිවරුන් ඉවත් කරගෙන ඇති අතර ඊශ්‍රායලයේ සිටින නියෝජිතයින්ට අනතුරු අඟවා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This