බල අරගලයක් නිසා මෙක්සිකෝවේ චියාපස් ප්‍රාන්තය ඇවිලෙයි – සිවිල් වැසියන් 11දෙනෙකු මරුට

බල අරගලයක් නිසා මෙක්සිකෝවේ චියාපස් ප්‍රාන්තය ඇවිලෙයි – සිවිල් වැසියන් 11දෙනෙකු මරුට

දකුණු මෙක්සිකෝවේ චියාපාස් ප්‍රාන්තයේ ප්‍රතිවාදී කාටෙල්වරුන් අතර ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඝාතනයට ලක්වූවන් අතර කන්‍යා සොහොයුරියන් දෙදෙනෙකු සහ තරුණයෙකු සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම ප්‍රදේශයේ Sinaloa cartel කණ්ඩායම සහ Jalisco New Generation Cartel කණ්ඩායම අතර බල අරගලයක් පවතින බව සඳහන්.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කාටෙල් සාමාජිකයින් විසින් එහි ප්‍රදේශවාසීන්ව මෙලෙස සමූල ඝාතනය කර ඇති බවයි.

සිද්ධියෙන් පසු නුවෝ මොරෙලියා ගම්මානයේ සහ ඒ අවට ප්‍රදේශයේ මළ සිරුරු 11 ක් සොයාගත් බව එරට ආරක්ෂක අංශ තහවුරු කර තිබෙනවා.

පසුගිය සිකුරාදා සිට ප්‍රදේශය තුළ සටන් පැවති බව සඳහන්.

Sinaloa cartel සහ CJNG වසර කිහිපයක් තිස්සේ ප්‍රදේශයේ පාලනය සඳහා සටන් කරමින් සිටිනවා.

අපරාධ කණ්ඩායම් විසින් දකුණු ප්‍රාන්තය හරහා උතුරු දෙසට මෙක්සිකෝවේ එක්සත් ජනපද දේශසීමා වෙත යන සංක්‍රමණිකයන්ගෙන් කප්පම් ලබා ගන්නා බවද සඳහන්.

කලාපයේ ප්‍රජාවන් ප්‍රචණ්ඩත්වයෙන් දැඩි ලෙස පීඩාවට පත් වී ඇති අතර ඔවුන්ට නිවෙස්වල දින ගණනාවක් සැඟවීමට සිදුවන බවයි වාර්තා වන්නේ.

අපරාධ සංවිධානවල සාමාජිකයින් Nuevo Morelia සහ අවට ගම්මානවල අතහැර දැමූ නිවාසවලට ගිනි තැබීමත් සමගයි පසුගිය සතිය අවසානයේදී මෙම කණ්ඩායම් දෙක අතර ගැටුම් යළිත් ආරම්භ වී තිබෙනවා.

කල්ලි සාමාජිකයින් විදුලි කණුවලට හානි කර ඇති අතර පසුව සමහර ගම්වලට විදුලි බලය විසන්ධි වී ඇති බව සඳහන්.

ගැටුම් ආරම්භවීමෙන් පසු ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති නමුත් ප්‍රදේශවාසීන් පවසන්නේ ඔවුන්ට තවමත් අනාරක්ෂිත දිවි පෙවතක් ගත කරන බවයි.

Share This