බස්නාහිර පළාතේ උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට කඩිනම් පියවර ගන්නැයි ඇමති ප්‍රසන්නගෙන් උපදෙස්

බස්නාහිර පළාතේ උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට කඩිනම් පියවර ගන්නැයි ඇමති ප්‍රසන්නගෙන් උපදෙස්

බස්නාහිර පළාතේ උපාධි ගුරු විභාගය සමත් උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට කඩිනම් ක්‍රමවේදයක් සකසන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

මේ වන විට බස්නාහිර පළාතේ උපාධි ගුරු විභාගය සමත් උපාධිධාරීන් 3000කට පමණ ගුරු පත්වීම් ප්‍රදානය කර ඇති බව සඳහන්.

චක්‍රලේඛ ගැටලු හා වෙනත් ගැටලු හේතුවෙන් තවත් උපාධිධාරීන් 1900කට පමණ ගුරු පත්වීම් ලබාදීම ප්‍රමාද වී ඇති බව මෙම සාකච්ඡාවෙන් අනාවරණය වී තිබෙනවා.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කර සිටියේ එම උපාධිධාරීන් පිරිසට මෙම වසර ඇතුළත සේවයට බඳවා ඉතිරි පිරිස ලබන වසරේ මුල් මාස කිහිපය තුළ පත්වීම් ලබාදීමට කටයුතු කරන ලෙසයි.

Share This