බස් රථයක් හා මෝටර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුර

බස් රථයක් හා මෝටර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුර

මොණරාගල කුඹුක්කන දාහතර කණුව පාලමේදී පෞද්ගලික බස් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.

මෙම අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථයේ පුද්ගලයින් 4 දෙනෙකු සිට ඇති අතර අනතුරින් කිසිවෙකුටත් බරපතළ හානියක් සිදුවී නොමැති බව සඳහන්.

ඇතිමලේ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවකට සේවකයින් ප්‍රවාහනය කළ බස් රථයක් මෙලෙස මෝටර් රථයේ ගැටී අනතුරට ලක්වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් බස් රථයේ ගමන් කළ කිසිවෙකුටද බරපතළ හානි සිදුවී නොමැති බව සඳහන්.

මෝටර් රථයට සහ බස් රථයට අනතුර නිසා බරපතළ අලාභ හානි සිදුවී ඇති අතර අනතුර සම්බන්ධයෙන් මොණරාගල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරන බවයි වාර්තා වන්නේ.

Share This