බස් රථ දෙකක් ගැටී වේවැල්දෙණියේ  සිදුවූ අනතුර

බස් රථ දෙකක් ගැටී වේවැල්දෙණියේ සිදුවූ අනතුර

කොළඹ- මහනුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය ප්‍රදේශයේදී බස් රථ දෙකක් අනතුරට ලක්වීමෙන් සිදුවූ අනතුරකින් 20 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරින් තුවාල ලැබූවන් වතුපිටිවල හා වරකාපොල රෝහල්වලට ඇතුලත් කර තිබෙනවා.

ඒ අතර එක් බස් රථයක රියදුරුද වන බව සඳහන්.

කෙසේවෙතත් තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි වාර්තා වන්නේ.

Share This