
බහලුම් තදබදයට බ්ලුමැන්ඩල් පරිශ්රයෙන් කෙටි කාලීන විසඳුමක්
කොළඹ වරායේ බහාලුම් තදබදය කෙටි කාලීන විසඳුමක් ලෙස බ්ලුමැන්ඩල් පරිශ්රයෙන් අක්කර 2.5ක අංගනයක් අද (03) සිට විවෘත කර තිබෙනවා
ඒ අනුව බහලුම් තදබදයට විසඳුමක් සෙවීම සඳහා මැදිහත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කැබිනට් අනු කමිටුවක් පත් කළ අතර එහි තීරණය අනුවයි මෙම පරිශ්රය ලබා දී ඇත්තේ
දිනපතා බහලුම් 300කට ආසන්න ප්රමාණයක් නිසි පරිදි පරික්ෂා කිරීම සඳහා වරාය තුළ අවම වශයෙන් දින 03වත් රඳවා තබා ගැනීම සිදු වීමෙන් දිනෙන් දින මෙම තදබදය වැඩි වුණා