බහාලුම් ගැන හොයන්නැයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සී.අයි.ඩි. යෙන් ඉල්ලයි

ප්‍රශ්නගත බහාලුම් 323 රේගුවෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන්නැයි ඉල්ලමින් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දුන්නේ මේ සම්බන්ධයෙන් පසුගියදා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා පැහැදිලි කිරීමක් සිදුකළ ද ඒ පිළිබඳ සැකයක් පවතින බැවින් නිසි විමර්ශනයක් සිදුකළ යුතු බවයි .

 

Share This