බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන රැසක් ඇතිකරන්න කැබිනට් අනුමැතිය

බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන රැසක් ඇතිකරන්න කැබිනට් අනුමැතිය

බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා දිවයිනේ වැඩිම මගී සංසරණයක් සිදුවන බවට හඬ්ගුනාගෙන ඇති බස් නැවතුම්පළ හා දුම් රිය ස්ථාන ඒකාබද්ධ කරමින් විදිමත් ශඛ්‍යතා අධ්‍යනයක් සිදු කිරීමට යටත්ව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන සංවර්ධනය කිරීමට වැඩබලන ප්‍රවාහන ,මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය (ලෝක බැංකු මූල්‍යකරණය යටතේ දැනටමත් ඉදිකිරීම් අරඹා ඇත.)

අනුරාධපුර දක්ෂිණ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ( අනුරාධපුර ඒකාබද්ධ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නිම කිරීමට ආසන්නව ඇත.)

අනුරාධපුර උතුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ( ශඛ්‍යතා අධ්‍යනය සිදුකර මූලික කටයුතු අවසන් කර ඇත.)

කොටුව දුම්‍රිය ස්ථානය කේන්ද්‍ර කරගත් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ( කොළඹ හා තදාසන්න ප්‍රදේශවල නාගරික ප්‍රවාහනය සම්බන්ධයෙන් සකස් කරනු ලැබ ඇති ComTrance Master plane මගින් යෝජනා කර ඇත.)

මොරටුව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ( ComTrance Master plane මගින් යෝජනා කර ඇත.)

රාගම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය විසින් සිදුකරන ලද අධ්‍යනයක් මගින් හඳුනාගෙනඇත.)

අවිස්සාවේල්ල ,ගාල්ල,කටුනායක, කුරුණෑගල බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික සැලසුම් අනුව හඳුනාගෙන ඇත.)

ගම්පහ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ( නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික සැලසුම් අනුව සහ කොළඹ තදාසන්න දුම්‍ රිය ව්‍යාපෘතියේ දු රිය විද්‍යුත්කරණය යටතේ හඳුනාගෙන ඇත)

කටුනායක බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ( ගුවන්තොටුපළ සංවර්ධන සැලැස්ම යටතේ හඳුනාගෙන ඇත.)

කළුතර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ( දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ යෝජනා පරිදි හඳුනාගෙන ඇත.)

කන්කසන්තුරය බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ( නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික සැලැස්ම යටතේ හඳුනාගෙන ඇත.)

 

Share This