බ්‍රසීලයේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් 36ක් මරුට -නගර 6කට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට (VIDEO)

බ්‍රසීලයේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් 36ක් මරුට -නගර 6කට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට (VIDEO)

බ්‍රසීලයේ São Paulo ප්‍රාන්තයේ අධික ගංවතුර සහ නායයෑම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 36 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බලධාරීන් පවසන්නේ ගලවා ගැනීමේ කණ්ඩායම් දිවි ගලවා ගත් අය වෙත ළඟා වීමට තවදුරටත් උත්සාහ කරමින් සිටින බවයි

සමහර ප්‍රදේශවලට මිලිමීටර් 600ට වැඩි වර්ෂාපතනයක් ඇද හැලී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

බොහෝ පිරිසක් අතුරුදන් වී ඇති අතර නිවාස 50 ක් පමණ කඩා වැටී ගසාගෙන ගොස් ඇති බවද සඳහන් වනවා.

මේ අතර, නිලධාරීන් පවසන්නේ තවත් පුද්ගලයින් 228 දෙනෙකු නිවාස අහිමි වී ඇති අතර තවත් 338 දෙනෙකු São Paulo ප්‍රාන්තයේ උතුරින් පිහිටි වෙරළබඩ ප්‍රදේශවලින් ඉවත් කර ඇති බවයි.

ප්‍රාන්තයේ නගර හයක දින 180 ක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා

ප්‍රාන්ත ආණ්ඩුකාර Tarcísio de Freitas පැවසුවේ ආපදා සහන සඳහා ආධාර කිරීමට ඔහු ඩොලර් මිලියන 1.5 ට සමාන මුදලක් මුදා හැර ඇති බවයි.

Share This