බ්‍රික්ස් සමුළුව අද ඇරඹේ

බ්‍රික්ස් සමුළුව අද ඇරඹේ

බ්‍රික්ස් සමුළුව දකුණු අප්‍රිකාවේදී අද (22) ආරම්භ වනවා.

එය දෙදිනක් පුරා පැවැත්වීමට නියමිතයි.

බ්‍රික්ස් සමුළුව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ වැඩි අවධානයක් යොමුව ඇති අතර එහිදී ඉන්දු – චීන නායකයින් අතර හමුවක් ද පැවැත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බ්‍රික්ස් සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේ වනවිට දකුණු අප්‍රිකාවට ගොස් සිටිනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ චීන ජනාධිපති ෂී ජින්පින් ද දකුණු අප්‍රිකාවට පැමිණ ඇති බවයි.

ඒ අනුව බ්‍රික්ස් සමුළුවට සමගාමීව ඉන්දු චීන නායකයින් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

Share This