බ්‍රික්ස් සමූහයේ නව සාමාජිකයින් වීමට රටවල් හයකට ආරාධනා

බ්‍රික්ස් සමූහයේ නව සාමාජිකයින් වීමට රටවල් හයකට ආරාධනා

ආර්ජන්ටිනාව, ඊජිප්තුව, ඉරානය, ඉතියෝපියාව, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් හයකට බ්‍රික්ස් සමූහයේ නව සාමාජිකයින් වීමට ආරාධනා කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ජොහැන්නස්බර්ග් හි බ්‍රික්ස් නායකයින්ගේ සමුළුවට සත්කාරකත්වය සපයන දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇති බවයි පැවසෙන්නේ

බ්‍රික්ස් සාමාජිකයින් සියලු දෙනාම ආරාධනා ලැබූ රටවලට සාමාජිකත්වය ලබා ගැනීම සඳහා සහය පළ කර තිබෙනවා

ඊට සම්බන්ධ වීමට ඉඩ ලබාදිය යුතු රටවල් සංඛ්‍යාව සහ එය කෙතරම් ඉක්මනින් සිදු කරන්නේද යන්න පිළිබඳව තවමත් බෙදීම් පවතින බව සඳහන්

රටවල් 20කට වැඩි ප්‍රමාණයක් මෙම කණ්ඩායමට ඇතුළත් කර ගන්නා ලෙස නිල වශයෙන් ඉල්ලා ඇති නමුත් ඔවුන්ට මෙම මිතුරු කණ්ඩායමට සම්බන්ධ වීමට නියම කර ඇති නිර්ණායක සම්මත කිරීමට සිදුවනු ඇති

චීන ජනාධිපති ෂී ජින්පින් බ්‍රික්ස් සමූහයේ ව්‍යාප්තිය වේගවත් කරන ලෙස ඉල්ලා සිටි අතර තවත් රටවල් බ්‍රික්ස් සාමාජිකත්වයට එක්විය යුතු බවයි පවසා ඇත්තේ

යුක්‍රේනයේ සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර වරෙන්තුවක් යටතේ සිටින රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් දකුණු අප්‍රිකාවට නොගිය නමුත් වීඩියෝවක් හරහා බ්‍රික්ස් සමුළුවට එකතුවී තිබුණා

Share This