බ්‍රිතාන්‍යයට පැමිණෙන විදෙස් ශ්‍රමිකයින්ට නීති දැඩි කරයි

බ්‍රිතාන්‍යයට පැමිණෙන විදෙස් ශ්‍රමිකයින්ට නීති දැඩි කරයි

විදෙස් රටවලින් පැමිණෙන සේවකයින් සඳහා වීසා නීති දැඩි කිරීමට බ්‍රිතාන්‍යය තීරණය කර තිබෙනවා.

ඒ අනුව උපස්ථාන සේවාවන් සඳහා එරටට සංක්‍රමණය වන සේවකයින්ට සිය පවුලේ සාමාජිකයින් ගෙන ඒම තහනම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වන විදේශීය පුහුණු ශ්‍රමිකයින් උපයාගත යුතු අවම වැටුප ද ඉහළ නංවා තිබෙනවා.

විදේශීය පුහුණු ශ්‍රමිකයින් දැනට පවුම් 26,200ක පමණ මුදලක් උපයාගත යුතුව පවතින අතර නව සැලැස්ම යටතේ එය පවුම් 38,700 දක්වා වැඩි කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Share This