බ්‍රිතාන්‍යයත් TikTok තහනමකට සැරසෙයි

බ්‍රිතාන්‍යයත් TikTok තහනමකට සැරසෙයි

එක්සත් රාජධානියේ රජයේ අමාත්‍යවරුන්ගේ සහ සිවිල් සේවකයන්ගේ ජංගම දුරකථනවල පවතින TikTok යෙදවුම තහනම් කිරීමට එරට බලධාරීන් සූදානමින් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත් BBC පුවත් සේවය වාර්තා කරන්නේ මේ සම්බන්ධයෙන් එරට බලධාරීන් මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි.

TikTok සමාජ මාධ්‍ය ආයතනය විසින්, පරිශීලකයන්ගේ දත්ත චීන රජයට ලබා දෙන බවට චෝදනා එල්ල වීම මීට හේතුව වී තිබෙනවා.

කෙසේ වෙතත් එම චෝදනාව ප්‍රතික්ෂේප කිරීමටයි TikTok සමාගම පියවර ගෙන ඇත්තේ.

එසේම එක්සත් රාජධානියේ ජාතික සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානය TikTok යෙදවුම රජයේ දුරකථනවල භාවිතය තහනම් කළ යුතු ද යන්න සමාලෝචනය කරමින් සිටින බවද වාර්තා වනවා.

එසේම එක්සත් ජනපදය, කැනඩාව, බෙල්ජියම සහ යුරෝපීය කොමිසම මේ වනවිටත් එය තහනම් කර තිබීම ද විශේෂත්වයක්.

Share This