බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට මොරොක්කෝවේදී වසර 10ක සිර දඬුවම්

බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට මොරොක්කෝවේදී වසර 10ක සිර දඬුවම්

ව්‍යාජ මුදල් ළඟ තබාගැනීම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට මොරොක්කෝවේදී වසර 10ක සිරදඬුවම් නියම වී තිබෙනවා.

නිවාඩුවක් ගතකරමින් සිටියදී Oliver Andrews සහ ඔහුගේ බිරිඳ පසුගිය නොවැම්බර් මාසයේදී අත්අඩංගුවට ගැනුණු බවයි විදෙස් මාධ්‍ය මිට පෙර වාර්තා කළේ

අප්‍රේල් 11 වන දින පැවති නඩු විභාගයකදී Oliver Andrews වරදකරු වී ඇති අතර එහිදී වසර 10ක සිර දඬුවම් නියම වී තිබෙනවා.

සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් නිර්මාණය කර ව්‍යාජ මුදල් ඉපැයීම සම්බන්ධයෙන් ද මෙම යුවළට චෝදනා එල්ල වූ නමුත් පසුගිය සතියේ පැවති නඩු විභාගයේදී විනිසුරුවරුන් ඔවුන් දෙදෙනාම එම චෝදනාවලින් නිදහස් කර තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා.

මේ අතර Oliver Andrews පවසන්නේ එම මුදල් ව්‍යාජ මුදල් බව තමන් නොදැන සිටි බවයි.

Share This