බ්‍රිතාන්‍ය සංචාරකයින් රැගත් බෝට්ටුවක් පෙරළෙයි

බ්‍රිතාන්‍ය සංචාරකයින් රැගත් බෝට්ටුවක් පෙරළෙයි

බ්‍රිතාන්‍ය සංචාරකයින් රැගත් බෝට්ටුවක් සිසිලි මුහුදු ප්‍රදේශයට ඔබ්බෙන් පෙරළී ගොස් තිබෙනවා.

මෙම අනතුරින් එක් අයෙකු මියගොස් තවත් 6 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අතුරුදන්වූවන් අතර අමෙරිකානු සහ කැනේඩියානු ජාතිකයින් ද වන බව සඳහන්.

“ටොනේඩෝ” තත්ත්වයක් හේතුවෙන් අදාළ යාත්‍රාව අනතුරට ලක්ව ඇති අතර යාත්‍රාවේ සිටි 15 දෙනෙකු බේරා ගැනීමට මුදා ගැනීමේ කණ්ඩායම් සමත් වී තිබෙනවා.

අතුරුදන් වී සිටින අය සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

Share This