බාලිහි පූජනීය කන්දක් මත නිරුවත් වූ රුසියානුවාට සිදු වූ දේ

බාලිහි පූජනීය කන්දක් මත නිරුවත් වූ රුසියානුවාට සිදු වූ දේ

බාලි හි පූජනීය අගුන්ග් කන්ද (Mount Agung) මත නිරුවතින් පෙනී සිටි රුසියානු ජාතිකයෙකු පිටුවහල් කිරීමට තීරණය කර තිබෙනවා

විදෙස් මාධ්‍ය පැවසුවේ අගුන්ග් කන්ද මත කලිසමක් වළලුකර වටා තබාගෙන සිටින පුද්ගලයාගේ ඡායාරූපයක් පසුගිය සතියේ ප්‍රසිද්ධියට පත් වූ බවයි.

අදාළ පුද්ගලයාව හඳුනා ගෙන ඇති අතර ඔහු එම ක්‍රියාව සම්බන්ධයෙන් සමාව ඉල්ලා ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ඔහුට අවම වශයෙන් මාස හයක කාලයක් ඉන්දුනීසියාවට ඇතුළුවීම තහනම් වනු ඇති.

එමෙන්ම බාලි නිලධාරීන් විසින් අසෝබන ලෙස හැසිරෙන විදේශීය සංචාරකයින් සම්බන්ධයෙන් මේ වන විට දැඩි නීති ක්‍රියාත්මක කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දුනීසියාවේ උසම ස්ථානය වන අගුන්ග් කන්ද දෙවියන්ගේ නිවහන ලෙසයි හින්දු භක්තිකයන් විශ්වාස කරන්නේ.

අදාළ රුසියානු ජාතිකයා පසුව කන්ද සඳහා විශේෂ පිරිසිදු කිරීමේ උත්සවයකට ද සහභාගී වි ඇති බව සඳහන්.

පූජනීයත්වයෙන් සලකනු ලබන අගුන්ග් කන්ද අපවිත්‍ර වූ අවස්ථාවකදී ප්‍රදේශවාසීන් විසින් අදාළ පිරිසිදු කිරීමේ චාරිත්‍රයන් සිදු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

Share This