බාලි ගිහිල්ලත් ඉවරයි ඔන්න

බාලි ගිහිල්ලත් ඉවරයි ඔන්න

ලෝකයේ වඩාත්ම ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ඉන්දුනීසියාවේ බාලි වෙත ඇතුළු වීමට විදේශීය සංචාරකයින් ඉන්දුනීසියානු rupiah 150,000 (9.59 USD) බද්දක් ගෙවිය යුතු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දුනීසියානු බලධාරීන් පවසන්නේ මෙම නව බද්ද පනවා ඇත්තේ දිවයිනේ පරිසරය සහ සංස්කෘතිය ආරක්ෂා කිරීමේ අරමුණින් බවයි.

බාලි දූපත එහි වෙරළ තීරයන් සහ සුන්දර භූ දර්ශන සඳහා ලොව ප්‍රසිද්ධයට පත්ව තිබෙනවා.

පසුගිය වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ මිලියන 4.8කට ආසන්න සංචාරකයින් පිරිසක් බාලි වෙත පැමිණි බව නිල දත්තවල සඳහන්. .

පසුගිය වසරේ ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන ලද සංචාරක බද්ද අද(14) සිට ක්‍රියාත්මක වී තිබෙනවා.

දේශීය ඉන්දුනීසියානු සංචාරකයින් එම බද්දෙන් නිදහස් කර ඇති අතර, විදේශයන්හි සිට හෝ රටේ වෙනත් ප්‍රදේශවලින් පළාතට ඇතුළු වන විදේශීය සංචාරකයින්ට එය අදාළ වනවා.

Love Bali වෙබ් අඩවිය හරහා පැමිණීමට පෙර මුදල් ගෙවන ලෙස සංචාරකයින්ට ඉන්දුනීසියානු රජය විසින් දැනුම්දී ඇති බවද සඳහන්.

Share This