බැංකුවත් රුසියාවට පිටුපායි
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව රුසියාවට සහ බෙලාරුස් රාජ්‍යයට අදාළ ගනුදෙනු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
රුසියාවට සහ බෙලාරුස් රාජ්‍යයට එරෙහි බටහිර සම්බාධක හේතුවෙන් මතුවිය හැකි ගැටලු පිළිබද තක්සේරුවකින් පසු එම බැංකුව මෙම පියවර ගෙන ඇති බව නිකෙයි ඒෂියා වාර්තාවක සඳහන්.
බැංකුව නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ , ඒඅයිඅයි බැංකුවේ මූල්‍ය ස්ථාවරත්වය පවත්වාගෙන යාම අන් සියලු කරුණුවලට වඩා වැදගත් බැවින් රුසියාවේ සහ බෙලාරුස්හි සියලු ක්‍රියාකාරකම් තාවකාලිකව අත්හිටවූ බවයි.
ඒඅයිඅයි බැංකුව රුසියාවේ ඩොලර් මිලියන 800 ක් සහ බෙලාරුස් සඳහා ඩොලර් මිලියන 200 ක් වටිනා ආයෝජන සහ ණය ගනුදෙනු ක්‍රියාත්මක කරන අතර එම රටවල් දෙකම බැංකුවේ ප්‍රධානතම ගනුදෙනුකරුවන් දෙදෙනෙක් වනවා.
2016 වර්ෂයේ ආරම්භ කරන ලද මෙම බැංකුවේ විශාලතම කොටස් හිමියා චීනය වන අතර එම කොටස් අගය සියයට 30ක්.
චීනය රුසියාවට එරෙහි බටහිර සම්බාධකවලට විරැද්ධ ප්‍රතිපත්තියක් අනුගමනය කළත් චීනයේ ආධිපත්‍යයට යටත් බැංකුවක් මෙළෙස ක්‍රියාත්මකවීම ඔවුන්ගේ පිළිවෙත පිළිබද ගැටලු සහගත බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.