බැංකොක් පාසලක ගිනි නිවන උපකරණයක් පුපුරා යාමෙන් සිසුවෙකු මරුට – 29කට තුවාල

බැංකොක් පාසලක ගිනි නිවන උපකරණයක් පුපුරා යාමෙන් සිසුවෙකු මරුට – 29කට තුවාල

බැංකොක් පාසලක ආරක්ෂක අභ්‍යාසයක් අතරතුර ගිනි නිවන උපකරණයක් පුපුරා යාමෙන් සිසුවෙකු මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ පිපිරීමෙන් තවත් පුද්ගලයින් 29 දෙනෙකු තුවාල ලබා ඇති අතර, තවත් බොහෝ පිරිසක් සුළු තුවාල ලබා ඇති බවයි.

එම අවස්ථාවේදී ගිනි නිවන ස්ථාන නිළධාරීන් සිසුන්ට ගිනි නිවන උපකරණයක් භාවිතා කරන ආකාරය පෙන්වමින් සිට ඇති අතර එම සිලින්ඩරවල ගෑස් පුරවා දිගු වේලාවක් හිරු එළියට නිරාවරණය වීම හේතුවෙන් මෙලෙස පුපුරා ගොස් ඇති බව සඳහන්.

එරට අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ වසර හයකට පසු පාසල ගිනි සරඹයක් පැවැත්වූ පළමු අවස්ථාව මෙය බවයි.

Share This