බැක්ටීරියාවක් නිසා 33 හැවිරිදි කාන්තාවකට පාදයක් අහිමි වෙයි

බැක්ටීරියාවක් නිසා 33 හැවිරිදි කාන්තාවකට පාදයක් අහිමි වෙයි

අමෙරිකාවේ 33 හැවිරිදි කාන්තාවකට බැක්ටීරියාවක් ආසාදනය වීමෙන් පසු පාදයක් අහිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Jennifer Barlow නම් වන ඇට්ලන්ටා කාන්තාවක් Bahamas හි සිටියදී මෙම බැක්ටීරියාව වැළඳීමෙන් පසු පසුගිය මාස පහක කාලයක් රෝහලේගතව සිටි බවයි සඳහන් වන්නේ.

Barlow පවසන්නේ Bahamas හි වෙත සංචාරයක යෙදී සිටියදී ඇගේ කකුලේ තිබූ කුඩා තුවාලයක් නිසා සාගර ජලයට නිරාවරණය වූ විට බැක්ටීරියාව වැළඳුනු බවයි.

ඇය හදිසි ප්‍රතිකාර ඒකකයට ගිය විට වෛද්‍යවරුන් පවසා තිබුණේ එය සරල ඉදිමුමක් වන අතර ඇයට කිහිලිකරු ආධාරයෙන් ඇවිදින ලෙසත් වේදනාව සමනය කිරීමට වේදනා නාශක භාවිත කරන ලෙසයි.

දිනකට පසු, ඇය හදිසියේම බිම වැටී ගොස් ඇති අතර බැක්ටීරියා ඇගේ රුධිරයට ඇතුළු වූ බැවින් සති 2 ක් කෝමා තත්ත්වයේ පසුව තිබෙනවා.

ඇය වකුගඩු සහ අක්මාව අකර්මණ්‍ය වීමේ ලක්ෂණ පෙන්නුම් කර ඇති අතර ඇයට හුස්ම ගැනීමට යන්ත්‍රයක් අවශ්‍ය වී තිබෙනවා.

කෙසේ වෙතත් අවසානයේදී ඇයගේ පාදය බේරා ගැනීමට වෛද්‍යවරුන් කළ සියලු දේ නිශ්ඵල වී ඇති අතර Barlow මහත්මියගේ ජීවිතය බේරා ගැනීමට සඳහා පාදය ඉවත් කිරීමට සිදුවූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This